Friday, October 10, 2014

හැදින්වීම

ලංකාවට අලුත් දෙයක් වුණු, ඉන්ටර්නෙට් money අද වෙද්දි බොහෝ දෙනෙක් කථා කරන මාතෘකාවක් වෙලා තියෙනවා.ඒත් කනගාටුවට කරුණ තමයි ගොඩ දෙනෙක් මේ ගැන හරියට නොදැන තමන්ගේ අතේ තියෙන සල්ලි නැති නාස්ති කර ගන්න එක.ඔන්න ඒ නිසාවෙන් හිතුවා,මේ ගැන හරියට කියලා දෙන්න හොද ලිපි ටිකක් ලියන්න ඕන කියලා.'අ' ඉදලම පටන් ගන්නවා අපි දන්න දේවල් ඔයාලත් එක්ක සාකච්චා කරන්න.හැබැයි කාටත් තේරෙන සිංහලෙන්.හොදයි නේද අදහස......

අහ් තව දෙයක් අමතක වුනානේ,ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයනවා කියන්නෙ ලේසි දෙයක් නම් නෙවෙයි අනිත් රැකියා කරනවා වගේම ටිකක් මහන්සි වෙලා කල යුත්තක්.එහෙම නැතුව ඉන්ටර්නෙට් කියන්නේ ඕන විදියට සල්ලි ගන්න පුළුවන් සල්ලි නිධානයක් නම් නෙවෙයි.එක එක දැන්වීම් දාලා මිනිස්සු මුලා කරන අයට අහුවෙලා අමාරුවේ වැටෙන්න නම් එපා.මාසෙකට ලක්ෂ ගනන් හොයන්න පුළුවන් කියලා දැක්කම සමහරු රැවට‍ෙනවා.අන්තිමට අතේ තිබුණ සල්ලිත් නෑ සනීපත් නෑ.දෙවියන්ගෙම පිහිට තමයි ඉතින් ඒ අයට.හරි  අපිට ඒවගෙන් වැඩක් නෑ අපි වැඩේ පටන්ගමු......

දැන් අපි බලමු මොනවද ඉන්ටර්නෙට් money කරන්න ඕන වෙන්නෙ කියලා....
අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි පරිගණකයක්
Credit card (ණය පතක්) 
PayPal හෝ Payza ගිණුමක්
සුපරික්ෂාකාරීව ක්‍රියා කිරීමේ හැකියාව,උනන්දුව,කැපවීම සහ ඉවසීම
ඔන්න ඔය දේවල් ටික ඔයාලගෙ ළග තියෙනවනම් ඉන්ටර්නෙට් money කරනවා කියන්නෙ මහා ලොතු දෙයක් නෙවෙයි.